බෝල

Bola 

කාව්‍ය සංග්‍රහයකි. කුඩා දරුවන් ආසකරන විවිධ වර්ගයේ “බෝල” පිළිබඳ මෙහිදී හඳුන්වා දෙන්නේ තාලය සහ රිද්මමයද සමගිනි. දරුවාගේ රුචිය දනවන කවි සහ පිංතූර නිසා කුඩා දරුවන්ට රසවිඳිය හැකි ය.

ගණන් කරමු

Ganan Karamu 

අංක 1 සිට අංක 10 දක්වා ගණන් කිරීමට ප්‍රිය උපදවන අයුරින්, රිද්මය සහිත සුන්දර කවි දහයකින් මේ ළමා කවි පොත ලියවී ඇත. කවියේ අරුත ගණන් කිරීමට දරුවා හුරු කිරීමයි. එමෙන් ම දරුවා පරිසරය ට ද කැඳවා ගනියි.

මල්

Mal

“මල්” නමින්  හැඳින් වුවද අරුතින් මලක් නොවන ළමා සිත වඩාත් ඇදී යන “මල්” පිළිබඳ ලියු පුංචි කවි පොතකි. දරුවාගේ දෙනෙත නිර්මාණශීලී ලෙස ලොව දැකීම ට යොමු කරයි.

හරි පුදුමයි! හරි පුදුමයි!

Hari  Pudumayi! Hari Pudumayi! 

2019 රාජ්‍ය සාහිත්‍ය සම්මාන
පාසල් පුස්තකාල සඳහා නිර්දේශිතයි.

පාසල් පුස්තකාල සඳහා නිර්දේශිතයි. සොබාදහමේ අපූර්වත්වය තුළින් මැවෙන සියුම් රිද්මයන් පිළිබඳ ළමා මනසට ගෝචරවන අයුරින් ඉදිරිපත් කෙරුණු සුන්දර කතාවකි. අවුරුදු 9 – 10 දක්වා දරුවන්ට සුදුසුයි.

පාට

Paata

පාසල් පුස්තකාල සඳහා නිර්දේශිතයි.

නිතර කතා කරන මූලික වර්ණ වලින් තොරව අනෙක් විවිධ වර්ණයන් ගැන කවියෙන් දිග හැරෙයි. ළමා කවි පොතකිග වෙනස් පාට විස්තර කෙරෙන මෙම පොත අවසන් වන්නේ දරුවා සංවේදී කරමිනි.

ඉර එළිය

Ira Eliya

2012 රාජ්‍ය සාහිත්‍ය සම්මාන
පාසල් පුස්තකාල සඳහා නිර්දේශිතයි.

ළමා මනසේ පරිකල්පනය අවදි කිරීමට සමත් කතන්දරයකි. ස්ථානෝචිත ප‍්‍රඥාව අනුව කටයුතු කිරීම කතාවෙන් විෂද වෙයි. සරල බස කතාව කියවීමට පෙළඹවීමක් ඇති කරයි. අවුරුදු 9 – 10 දක්වා දරුවන්ට සුදුසුයි.

කනිගාගේ නුවණ

Kanigage Nuwana

පාසල් පුස්තකාල සඳහා නිර්දේශිතයි.

කනිගා දැනුමෙන් වැඩුණු දක‍ෂ දැරියකි. ඒ නිසාම අහස් ගමේ දි සිය නුවණෙහි මහිමය පෙන්වීමට ඇයට අවස්ථාව ලැබේ.

මගේ ගුරුතුමා

Mage Guruthuma

2017 රාජ්‍ය සාහිත්‍ය සම්මාන
2017 බෞද්ධ සාහිත්‍ය සම්මාන
පාසල් පුස්තකාල සඳහා නිර්දේශිතයි.

සොබාදහමේ අපූර්වත්වය තුළින් මැවෙන සියුම් රිද්මයන් පිළිබඳ ළමා මනසට ගෝචරවන අයුරින් ඉදිරිපත් කෙරුණු සුන්දර කතාවකි. අවුරුදු 9 – 10 දක්වා දරුවන්ට සුදුසුයි.

මුහුද සහ දෝණි

Muhuda saha Doni

2014 රාජ්‍ය සාහිත්‍ය සම්මාන
පාසල් පුස්තකාල සඳහා නිර්දේශිතයි.

සංගීතය, පරිසරය සහ මිනිසා අතර ඇති සමීපතාවය කුඩාකළ පටන් දරුවාගේ මනසට දැනෙන අයුරින් ලියන ලද කතන්දරයකි. නිර්මාණාත්මක බස දරුවාගේ මනස පෝෂණය කරයි. කථාවේ රිද්මය දරුවාගේ හදවත සංවේදී කරයි. නොපසුබට උත්සාහයෙන් සාර්ථකත්වය ළඟා කරගත හැකි බව කතාවෙන් විෂද වෙයි.

අහස් ගමට ගිය පුංචි සිත්තරා

Ahas Gamata Giya Punchi Siththara

2012 රාජ්‍ය සාහිත්‍ය සම්මාන
පාසල් පුස්තකාල සඳහා නිර්දේශිතයි.

රසවත් වගේ ම හරවත් ළමා කතන්දරයකි. කතාවේ වාක්‍ය කෙටියි. තේරුම් ගැනීමට පහසුයි. ළමා කතාවක තිබිය යුතු හැම ලක්‍ෂණයක් වාගේ මෙහි අඩංගුව තිබෙයි. පරිසරය ළමයාගේ මනස හදයි. ගුරුවරු ළමයාගේ මනස වඩවයි. අකුරු කියවන්නට බැරි කුඩා දරුවකුට පවා චිත‍්‍ර බලා රසවිඳිය හැකි පොතකි.

ஆகாயக் கிராமத்துக்குச் சென்ற சின்னஞ்சிறு ஓவியன்

Akayak kiramattukkuc cenra cinnanciru oviyan 

மொழிபெயர்: முகமட் ராசுக்

පරිවර්තනය : මොහොමඩ් රාසුක්

2012 වසරේ රාජ්‍ය සම්මාන දිනූ “අහස්ගමට ගිය පුංචි සිත්තරා” කෘතියේ දමිල පරිවර්තනයයි.

කවුද කාටද රහස් කියන්නේ

Kauda Katada Rahas Kiyanne

2017 රාජ්‍ය සාහිත්‍ය සම්මාන (නිර්දේශිත) 

වයස අවුරුදු 5 – 7 ත් අතර දරුවන්ට නිර්ප්‍රබන්ධ පොත් පෙළ. ලෝකයේ ඉතාමත් ම ජනප්‍රිය අධ්‍යාපනික පොත් වර්ගයක් වන නිර්ප්‍රබන්ධ (Non-fiction) ඇසුරු කිරීමේ වාසනාව මෙම පොත ඔස්සේ අපේ දරුවන්ටත් ලැබෙනවා. ආකර්ෂණීය ලෙස, වෙහෙසකින් තොරව සුන්දර කතාවක් හෝ වචන පෙළක් ඔස්සේ අලුත් දැනුම ගවේෂණය කිරීමට දරුවා තුළ පෙළඹවීමක් ඇති කිරීමට මෙය මහත් පිටිවහලක් වේ.

මැජික් පාට පෙට්ටිය

Majik Paata Pettiya

2021 රාජ්‍ය සාහිත්‍ය සම්මාන
පාසල් පුස්තකාල සඳහා නිර්දේශිතයි.

කුඩා දරුවන් සඳහා රචිත  මෙම පොත දරුවා සංවේදී කරයි. තාත්තලාගේ සැඟවුණු  ආදරය දරුවාට කියා දීමට දරුවන් වඩාත් කැමති “මැජික්” භාවිතය මගින් කතාවට රසයක් එක් කර ඇත. කුතූහලය නිසා කතාව කියවීමේ උනන්දුව ඇති කරයි. මනහර සිතුවම් ඉතා අගේ ය.

 

පුංචි බිංදු ලොකු ගමනක්

Punchi Bindu Loku Gamanak

2017 බෞද්ධ සාහිත්‍ය සම්මාන
පාසල් පුස්තකාල සඳහා නිර්දේශිතයි.

මහ මුහුදට එකතුවන ජලයේ උපතේ සිට කතාව ගඟක් ගලාගෙන යන ආකාරයට ම ගලාගෙන යයි. ඒ යන මඟ හමුවන බාධා ජයගෙන මහ මුහුද තෙක් පෙරට යන ගමන දිවියට අරුතක් ගෙන එන්නේ ය. නිර්මාණාත්මක බස රසවත් ය. ඊට ම කදිම සිතුවම් අපූරු ය. එකමුතුබව, නොපසු බට ධෛර්ය කතාවෙන් විෂද වෙයි. සොබාදහමට දරුවා කැඳවයි.

සුරූ

Suroo

පාසල් පුස්තකාල සඳහා නිර්දේශිතයි.

සත්ත්වයන් අතර උසස් මනසක් ඇත්තේ මිනිසාට ය. ඒ බව මෙම සරල කතන්දරය තුළ  දිග හැරෙයි. දරුවා කැමති චරිත ඇසුරු කරගෙන කතාව ලිවීම තුළින් දරුවා ට කියවීමේ කැමැත්ත ඇති කරයි.

පුංචි මං

Punchi Mun

කුඩා දරුවන් සතුනට කැමති ය. ඔවුන් සතුන් අනුකරණය කරයි. දරුවාට සතුන් දිහා බලා ඉගැන්වීමට බොහෝ දේ ඇත. ඒ සඳහා පෙරපාසල් ගුරුවරුනට, දෙමාපියන් සහ වැඩිහිටියන්ට උපකාර වන පොතකි. මෙම පොත දරුවාගේ කුසලතා වර්ධනය කිරීමට දායක වෙයි.

බබාගේ යාළුවෝ

Babage Yaluwo

බෝඩ් පොත් දරුවන්ගේ සමස්ත මනස ඉතා ක්‍රමානුකූලව හැඩගස්වා ගැනීමට අත්වැල සපයයි. මෙම පොත් බිළිඳු දරුවන් වෙනුවෙනි. පොත සමග දරුවාට වෙලාවක් ගත කරන්න දිය යුතු ය. දරුවා පොතට සමීප වන මොහොතේ දී දරුවාට ළංවී පොත බැලීමට වැඩිහිටියාට උදවු විය හැකි ය.

නිධානය

Niadhanaya

පාසල් පුස්තකාල සඳහා නිර්දේශිතයි.

කියවීමෙන් තම ජයග‍්‍රහණය කරා පියවර එසවිය හැකිය යන තේමාව මුල් කරගෙන ලියවී ඇති කතන්දරයකි. කියවීමෙන් ජය ලැබූ පුද්ගල චරිතයක් කේන්ද්‍ර කරගෙන කතාව ලියවී ඇත.

කවුද හැඩ

Kauda Heda?

පාසල් පුස්තකාල සඳහා නිර්දේශිතයි.

රවුම සහ කොටුව යන සංකල්ප දරුවාට සංජානනය වන අයුරින් ලියැවුණු නිර්මාණාත්මක කතන්දරයකි. සංකල්පය පැහැදිලි කිරීමට ගලන කතාව ළමයාගේ පරිකල්පනය අවදි කරයි.

අභියෝගය

Abhiyogaya

පාසල් පුස්තකාල සඳහා නිර්දේශිතයි.

නව යෞවනවියට එළඹෙන දරුවන් වෙනුවෙන් ලියවුණු මෙම කෘතිය ළමයාගේ ආකල්ප සහ කුසලතා වර්ධනය කිරීමට සමත් ය. කුතුහලය හඟවන අන්තර්ගතය කියවීමේ උනන්දුව ඇති කරයි. කතාවේ දැක්ම ළමා මනස පෝෂණය කරයි.

පුංචි අපට අකුරු රූප

Punchi Apata Akuru Roopa

පාසල් පුස්තකාල සඳහා නිර්දේශිතයි.

නරි පැටියා යස පාඩම

Nari Petiyata Yasa Padama

පාසල් පුස්තකාල සඳහා නිර්දේශිතයි.

 

මේ කොයි යන්නේ

Me Koyi Yanne

පාසල් පුස්තකාල සඳහා නිර්දේශිතයි.

ගාන්ධර්වයා, අශ්වයා සහ මහල්ලා 

Gandharwaya, ASwaya saha Mahalla

 

බිකිබා සහ මාලිගාව

Bikiba saha Maligawa

දරුවන් වෙනුවෙන් ලියැවුණු සරල, එහෙත් සුන්දර කතාවකි. කූතුහලය නිසා කියවීමේ උනන්දුව ඇති කරයි. දරුවාගේ පරිකල්පනය පුබුදුවාලයි. මනහර සිතුවම් දරුවාගේ සිත් ඇද ගනී.